Colombo Today Local News

ජල මිල ඉහළ දැමීම ගැන සජිත්ගෙන් රජයට චෝදනා

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ජනතාව රවටා ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

Related posts

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday