Colombo Today Local News

දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් ගද්දී මාට්ටු

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24)දින මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහුව නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සැකකාර දියසෙන්පුර ඩීපෝව භාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් තිබේ.

Related posts

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

colombotoday

අතවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය ට පැමිණීමෙන් වළකින්න | නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක්

colombotoday