Colombo Today Sports News

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් වනිඳු හසරංග ඉල්ලීමක් කර ඇත.

පන්දුවාර 20යි 20 සහ එක්දින ක්‍රිකට් තරග සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට මෙම තීරණය ගත් බව එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව,වනිඳුට ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වනිඳු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 4කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 4කි.

Related posts

චමරි අතපත්තු ලෝකයෙන්ම අංක එකට

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday