Colombo Today Local News

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කරයි

කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගැනීමට රෝහල් උපකරණ ලබා ගැනීම සදහා සිය වැටුප පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23)දින තීරණය කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය හරහා පැවති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව ඒකමතිකව තීන්දු කරනු ලැබීය.

“සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල” නමින් මෙය ප්‍රකාශයට පත්කර ඇති අතර කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු සදහා පිලියම් ලබා දීමේ අරමුණින් මෙම අරමුදල ක්‍රියාත්මක වේ.

සමගි ජනබලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” සහ ජනසුවය ව්‍යාපෘතිය හරහා අවස්ථා 22කදී මේ වනවිට ලක්ෂ 640ක රෝහල් උපකරණ ලබා දී ඇත.

ඊට සමගාමිව “සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල”ක්‍රියාත්මක කෙරන අතර එයින් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව උදෙසා සෞඛ්‍යමය සහන සලසනු ඇත.

Related posts

මරික්කාර්ට අදත් කන හරහා දීලා

colombotoday

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday