Colombo Today Local News

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

දිගින් දිගටම සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව ඒ සඳහා යොදවා ඇත.

ඒ අනුව, බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඌරගස්මන්හංදිය, බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී යුද්ධ හමුදා නිල ඇදුම් කට්ටල කිහිපයක් සොයාගෙන තිබේ.

මෙම නිවසේ තාවකාලිකව රැඳි සිටි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගොස් සිටි සෙබළෙකු බවට තොරතුරු වාර්තා වී ඇත.

සැකකරු සොයා පරීක්ෂණ පවත්වන අතර අදාළ යුද හමුදා නිලඇදුම් කට්ටල ඌරගස්මංහන්දිය පොලීසිය වෙත භාරදී තිබේ.

Related posts

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

colombotoday