Colombo Today Local News

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ට්‍රැක්ටර් රථය ගමන් කරන මාර්ගයේ බාධක යොදා ඔවුන්ගේ ගමන අඩාල කර එකවරම මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ත් 35ත් අතර වයසේ පසුවන වෙල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මන්නාරම යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සඳහා සහභාගී වී නැවත යමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි.

Related posts

ඥානසාර හිමි අපේක්ෂක “අපේ ජන බල” පක්ෂය ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

වැඩ තහනමට ලක්ව සිටි DIG නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවයි..

Admin

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday