Colombo Today Local News

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

ලබන මහ කන්නයේ දී බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක නැවත අය නොකෙරෙන මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එමෙන්ම වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ හා පොහොර සියල්ල නොමිලයේ සපයනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ මෙම සහන ලබා දෙයි.

බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එම සහන ලබා දීමට නියමිතය. හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවලට මෙම සහනය ලබා ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

Admin

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ රණවිරුවන් සිව් දෙනෙකුට ජනපති සමාව !

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday