Colombo Today Local News

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්දසංගරී මහතාට අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්දසංගරී මහතා අමාත්‍යවරයකු ලෙස පත් කර ඇත.

ගැරී ආනන්දසංගරී යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයාය. ඔහු ප්‍රථම වරට 2015 වසරේදී මන්ත්‍රීවරයකු ලෙස කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ගැරී ආනන්දසංගරී මහතා 1983 වසරේදී සිය මව සමඟ කැනඩාවට සංක්‍රමණය වී තිබේ.

නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත.

Related posts

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday

පාර්ලිමේන්තුව කැදවන්නැයි බල කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ….

colombotoday

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday