Colombo Today Local News

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

“රටින් බැහැර ඊළාම් රජය“ නමින් පිහිටුවාගෙන ඇති කොටි හිතවාදී ප්‍රබලතම සංවිධානයේ 2017 පාර්ලිමේන්තු සභාවාරය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අන්තර්ජාලය ඔස්සේ අමතා ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.

“දෙමළ ඊළාම් මාතෘභූමියේ සහ විදේශීය රටවල් ඇතුළු ලොව පුරා පවත්වමින් සිටින ඊළාම් දෙමළ ජනතාවගේ සටන්වල කොටසක් රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් මෙහෙයවමින් සිටියි” යැයි සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත. උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර තම අභිමතාර්ථය ඉටු කරගැනී සදහා දේශපාලනමය විසදුමක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටින බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

“රටින් බැහැර ඊළාම් රජය“ ප්‍රධානීත්වය දරන්නේ ප්‍රභකරන්ගේ ජාත්‍යන්තර නීති උපදේශකයා ලෙස කටයුතු කළ වී රුද්‍රකුමාරන්ය. කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස හැදින්වෙන්නේද ඔහුය. “අපගේ පිපාසය දෙමළ ඊළමයි“ යන තේමාව යටතේ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන ප්‍රබලතම ඊළාම්වාදී ඩයස්පොරා සංවිධානය වන්නේද ‘රටින් බැහැර ඊළාම් රජයයි“

ශ්‍රී ලංකා ජනරජයේ ඒකීය භාවය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට පාර්ලිමේන්තුවේ ප්‍රතිඥා දී ඇති මන්ත්‍රීවරයෙකු, මෙරට ව්‍යවස්ථාවට හා නීතියට සරදම් කරමින්, රට දෙකඩ කිරීම වෙනුවෙන් එළිපිට පෙනී සිටිද්දී ඔහුව අත්අඩංගුවට ගැනීමට යහපාලන රජය මෙතෙක් නියෝග නිකුත් කර නැත.

පුවත් මූලාශ්‍රය – ටැමිල් වින්

Related posts

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

Admin

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

colombotoday

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

Admin