Colombo Today Local News

යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්න

sujeewa senasingheමැතිවරණ පරාජයට පත්වූ අයට ජේෂ්ඨ ඇමතිකම් ලැබෙද්දී කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන වැඩිම මානප ගත් තමාට ලැබී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් බවත්, මේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න තිබෙන බවත්, අතපසුවීම් සිදුවන බවත් ජාත්‍යන්තර වෙළද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන්ද එලෙස ගැටළු වලට මුහුණ දී සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (08) සෙත්සිරිපායේ පැවති රැස්වීමකට එක්වෙමිනි.

මේ ආණ්ඩුව ගැන ජනතාවට බලාපොරොත්තුවක් ඇතිවාසේම යම් කුතුහලයක්ද පවතිනා බවත්,යහපාලනය යයි කීවද ඒ තරම් ඇඟට නොදැනෙන බවක් පෙන්නුම් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රීය පසුබිම සැකසීම ක්‍රමයෙන් සිදුව ඇති බවත්, එය අදට වඩා හෙට දවසේ දරුදැරියන්ට දැනෙනු ඇති බවත් ඔහු කියා සිටියේය. මීට පෙරාතුව එජාප ආණ්ඩුවක් බලය ලබාගන්නා විට ජනතාවගේ අතමිට යහමින් ගැවසෙන බව හැමෝම පොදුවේ පිළිගන්නා නමුත් මෙවර එසේ වී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සංවර්ධන කටයුතුවලට අතපොවන්නට සිදුවූයේ ඉතාම මෑතක බව කියා සිටි සේනසිංහ මහතා මුල් කාලයේ ඒ සඳහා පදනම සකසන්නට කාලය ගතවූ බව වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

ඇමතිවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක් : කංචන සහ ටිරාන් ඉදිරියෙන්ම

Admin

පොලිසියට තුවක්කු දීලා තියෙන්න දත් මදින්න නොවෙයි- මහින්ද දේශප්‍රිය

colombotoday

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday