Colombo Today Local News

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අන්තනෝමතික ලෙස අවලංගු කිරීමෙන් විවිධ බරපතළ මට්ටමේ අක්‍රමිකතා සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී තිබේ.

බලපත්‍ර නිකුත් කිරීමට කාර්යාංශයට බලතල ලබාදී ඇතත් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයැදුම්පත් යොමුකිරීමෙන් බලපත්‍ර නිකුත් ගැනීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වයට අභියෝගයට ලක් වන බව පවසමින් කෝප් කමිටු සාමාජිකයෝ ඒ පිළිබඳව ආයතනයේ ප්‍රධානීන්ට දැඩි කනස්සල්ල පළ කර ඇත.

කාර්යාංශය සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර නියෝග කර තිබේ.

තවද ආයතනයේ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කරනු ලැබ ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය උපදෙස් දෙන දී ඇත.

මේ අතර කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් කමිටු සභාපති වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වි ඇති අතර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීහු පවසා තිබේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය කාර්‍යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ තුන්වැනි අවස්ථාව මෙය වුවද ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබාදී නොතිබීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කර ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් ලැබී ඇති ආයතනය බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධාන හෝ කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

Related posts

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

colombotoday

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday

රටම බලා සිටි ‘Neverska Lady’ ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වෙයි..

colombotoday

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday