Colombo Today Local News

උදෑසන පිරිත් ප්‍රචාරයට වාරණයක්..! මහා සංඝරත්නයෙන් රජයට විරෝධය

විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කර ඇත.

දකුණේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ විහාරස්‌ථානවල නායක හිමිවරුන් අඟුණකොළපැලැස්‌සේදී මහින්ද අමරවීර මහතා හමුවී මේ බව පවසා ඇත.

නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් මිලින්ද මොරගොඩ මහතා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුවක්‌ පැවරීම දැඩි සේ දොaෂ දර්ශනයට ලක්‌කර ඇති මහා සංඝරත්නය මෙවැන්නක්‌ මෙරට ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්‌ථාව බවද පවසා ඇත.

පන්සලක පිරිත් දැමීම වැරදි යෑයි අධිකරණය විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කළහොත් එය මෙතෙක්‌ ගනු ලැබූ නරකම පූර්වාදර්ශය වනු ඇතැයිද ඒ අනුව සියලු දේවාල සහ පල්ලිවලද යාඥා ප්‍රචාරය නවතිනු ඇතැයිද ඇමැතිවරයාට මහා සංඝරත්නය පෙන්වාදී ඇත.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බවට ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related posts

අය වැය විප්ලවීය මෙන්ම ජනතාවට යුතුකම් ඉටු කළ එකක්

Admin

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

කල්පිටිය කලපුවේ වසර පහකට පසුව ‘මුහුදු ඌරන් රංචුවක්’

colombotoday

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයි

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

colombotoday