Colombo Today Local News

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුහත් නදීෂ් කුමාර ආබෲ නොහොත් “බබා” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන පුද්ගයෙකුව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29)දින අහුංගල්ල පොලිස් වසමේ මරදාන, අහුංගල්ල ලිපිනයේ පිහිටි නිවසේ සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී ජර්මනියේ නිෂ්පාදිත නවීන 08mm මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, එම පතොරම් ගැබ් 01 සහ හෙරොයින් ග්‍රෑම් 50ක් හමුව ඇත.

මෙම සැකකරු 40 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි සිටි පුද්ගලයෙකුට බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව අහුංගල්ල පොලීසිය වෙත භාර දී ඇත.

Related posts

මධුෂ්ගේ පාටියට ගියේ දැනගෙනමයි… ආපහු එන්න ටිකට් අරන් දුන්නේ මධුෂ්ගේ අනියම් බිරිද – නදීමාල් කියයි

colombotoday

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

දෙමාපියන් රවටා ගෙන ගිය14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියගේ වැඩ

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday