Colombo Today Local News

තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්.. මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව දෙන්න – මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් පමණ මේ වනවිට මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසයි.

මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම ලැබුණහොත් දින 4 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බව ඇය සඳහන් කරන්නීය.

ආයතනයට අවශ්‍ය ආරක්ෂාව නොමැති බව ඇය පැවසීය.

පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් ඊයේ (15) දිනයේ ලබා දුන් බව ද ඇය සඳහන් කළා ය.

එහෙත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ අවශ්‍ය බව ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය.

Related posts

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

පාර නුවරට… සල්ලි ගෙදරට !

colombotoday

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ..

colombotoday