Colombo Today Local News

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…”

Related posts

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

colombotoday

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday