Colombo Today Local News

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද (02)දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වනදා කැඳවන ලෙසය.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවය.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත් එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

colombotoday

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

colombotoday

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

colombotoday