Colombo Today Local News

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

මුහුදුබත් වූ X-Press Pearl නෞකාව අයත් සමාගමට එරෙහි කඩිනමින් වන්දි නඩුව පැවරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නීතිපතිවරයාට ඊයේ(6)දින පැවති සාකච්ඡාවකදී උපදෙස් දී තිබේ.

එම සාකච්ඡාවට නීතිපතිවරයා ඇතුළු ඊට අදාළ සියලු පාර්ශ්ව සහභාගි වූ බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, එහිදී නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත හා ඒ සඳහා වන නීතිමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

මුහුදු බත්වූ X-Press Pearl නෞකාව අයත් සාමාගමට එරෙහිව අපරාධ නඩුවක් මේ වනවිට මෙරට අධිකරණයේදී විභාග වෙයි.

මේ අතර මුහුදුබත්වූ X-Press Pearl නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස් හානි පූර්ණ ගණනය කිරීම සඳහා සාම්පල ලබා ගැනීමට විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මීපා සහ නාරා ආයතනවලට ඊයේ උපදෙස් දී තිබේ.

ඒ, එම සභාව එහි සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ය.

Related posts

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday