Colombo Today Local News

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විෂය නිර්දේශය හඳුන්වා දීම සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

“අද ලංකාවේ හැමතැනම SPA කියලා දැන්වීම් ගහලා තියෙනවා, හැබැයි ඒ පැත්තකින් වත් යන්න ලැජ්ජයි. ඒවා සම්භාහන මධ්‍යස්ථාන නෙවෙයි. ඒ තරම් මේ විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමය ලංකාවේ විකෘති කරලා තියෙන්නේ. ඒ නිසා අපි අලුත් මොඩලයක් හඳුන්වාදෙන්න අවශ්‍යයි. ඒක අපි හැමෝම කතාවෙලා කළයුතුයි.

මේ පාඨමාලාව අද මෙහෙම එළිදැක්වීමට හැකිවුණත් අපි කණගාටුවිය යුතු කාරණාවක් තියෙනවා. අපි මේක ආරම්භ කරන්න සාකච්ඡා කළේ 2008 වසරේදී, මේ 2023 අවුරුදු 15ක් ගියා මේ වැඩේ අපිට කරන්න මම මේ පාර්ලිමේන්තුවට යන හැම දවසකම හරිම වේදනාවන්ට සහ අපහාසයන්ට ලක්වුණා.

මේ දිනවල ලක්ෂ පහළොවක් විදේශීය සංචාරකයින් මෙරටට ඇවිල්ලා තියෙනවා. ඒ එන සංචාරකයන්ගෙන් ඩොලර් දහයක් අය කරලා ශීර්ෂ සම්භාහනයක් කළොත් කොපමණ විදේශ විනිමයක් ලබාගන්න පුළුවන් ද? අපේ රටේ අද පුරුදුවෙලා තියෙන්නේ යමක් නොකර ඉන්න මිසක් යමක් සිදුකරන්න ක්‍රමවේදයක් හොයන්න නෙවෙයි, අද ආයුර්වේදය තුළ ඒක වෙනස්වෙලා තියෙනවා. වෙනස් වෙමින් පවතිනවා. මේ රටේ සක්‍රීයම අමාත්‍යාංශය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකේ කිසි සැකයක් නෑ.”

Related posts

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ලංකාවට එරෙහි යෝජනාවකට දෙමල සන්ධානය බ්‍රිතාන්‍ය සමග එක්වෙයි.

colombotoday

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකින් ජෝන්ට මල පනී.. ඇගට කඩා පැන අමු සිංහලෙන් බැණවදී (Video)

colombotoday

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

colombotoday