Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපත්වී තිබෙන රජයේ රස පරීක්ෂක වාර්තාව එම මරණයට හේතු සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04)දින නියෝග කර තිබේ.

අදාළ මරණ පරීක්ෂණය අද කැඳවූ අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණකරුගේ දෑත් බැඳ තිබූ ටයි පටියකින් සිදු වූ තුවාල පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කර ඇත.

එම වාර්තාව විමර්ශන කටයුතු සඳහා පංච පුද්ගල වෛද්‍ය කමිටුව වෙත යොමුකරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය යළි ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

Related posts

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’ – බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

colombotoday

සහරාන්ට ත්‍රස්තයන් එවූ මහාචාර්ය ලුක්මාන් තාල්බ් ගැන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ඒකාබද්ධ විමර්ශනයක්

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday