Colombo Today Local News

LTTE 2ක් අතුරුදන් වූවාට හමුදාවේ තවත් 11ක් රිමාන්ඩ් !

army-23

යාපනය, අච්චුවේලි ප්‍ර දේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන යුද හමුදා සාමාජිකයන් 11 දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාලව පසුගිය 26 වැනිදා ද ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු යුධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

1998 වසරේදී අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙන අතර, පසුගිය 26 වනදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ නඩුව නැවත වරක් කැදවීමට තීරණය කර තිබෙන අතර හමුදා නිලධාරීන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඒ අනුවයි.

1998 වසරේ අච්චුවේලී යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි හමුදා සාමාජිකයින් 16 දෙනෙකුට එරෙහිව අතුරුදහන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් අදාළ නඩුව ගොනුකර තිබේ.

Related posts

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කරන්න කැබිනට් අනුමැතිය

Admin

මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – දේශපාලනඥයෝ ඉඩම් බෙදා දෙන්න බලපෑම් කරනවා.- පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී

colombotoday

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin