Colombo Today Local News

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

ethiyopiaවිදේශ සේවය නවීකරණය කරද්දී උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.
අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල තානාපති කාර්යාල අලුතින් පිහිටුවීමට බලා‍පොරොත්තුවක් නැති බව පැවැසූ ඇමැතිවරයා ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මේ මාසයේදී පිහිටුවන බවද කිවේය.
විදේශ සේවය නවීකරණය කිරීම සඳහා සිංගප්පූරුව සමග කටයුතු කරන බවත් තානාපති කාර්යාලයන්හි සේවය පරීක්ෂා කර බැලීම සඳහා හදිසියේ තානාපති කාර්යාලවලට කඩා පැන ඒවායේ කටයුතු පරීක්ෂා කරන්න ඉන්ස්පෙක්ටර් ජනරාල්වරු තිදෙනෙක් පත් කර තිබෙන බවද පැවැසීය විදේශ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

ආණ්ඩුවේ ‘පික්පොකට් න්‍යාය’ ගැන හිටපු ජනපති කියන දේ (VIDEO)

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday