Colombo Today Local News

“යමපාලනයේ වැඩ හෙමින්, ගමන උඩින්“ හෙලිකොප්ටර් ගායේ නොකී රහස් ගම්මන්පිල හෙළිකරයි

gammanpila-255
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

යමපාලනයේ වැඩ හෙමින් ගමන උඩින්

පසුගිය 06 වන බ්‍රහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ලොක්කන්ගේ ගුවන් සවාරි පිලිබඳ මතු කළ ප්‍රශ්නයක් නිසා රටම උණුසුම් වුණා. එදා පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය අහපු වෙලාවේ ආණ්ඩු පක්ෂයෙන් මට පුදුම බාධාවක් එල්ල වුණේ. බලන කොට හොර ගුවන් සවාරි ගිය ෆොන්සේකා ඇමතිතුමා ඇතුළු පිරිස තමයි මට ප්‍රශ්නය අහන්න බාධා කලේ. ඒ අවසරය පාවිච්චි කරලා වාචිකව පිළිතුරු ඉදිරිපත් කරන්න කියා මා ඉල්ලාතිබියදීත් රුවන් විජේවර්ධන ඇමතිතුමා ඒක සභා ගත කලා. ප්‍රශ්නය අහපු මටත් පිලිතුර ලැබුණේ පසුව දා. නමුත් එදාම ඒක අරගෙන රටට හෙලි කරන්න තරම් අපේ මාධ්‍යවේදින් දක්ෂ වුණා.

මාධ්‍ය පල කලේ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ලබා දුන් පිලිතුර. ඒකෙන් කිසිම වරප්‍රසාද උල්ලංඝණය වීමක්නීතියක් කඩ වීමක් සිදුවී නෑ. පාර්ලිමේන්තුවේ වාචිකව ප්‍රකාශ කලත් සභා ගත කලත් ඒ පිලිතුරු දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. අද මාධ්‍යවේදින් බැනුම් අහන්නේ ඒ අයිතිය රැක දුන් නිසා. ඒ පිලිතුරේ වැරදි තොරතුරු අඩංගු නම් ඒකට අපට වග කියන්න බෑ. අපි නිවැරදිව ප්‍රශ්නය අහලා තිබෙනවා. ඒකට නිවැරදි පිලිතුර ලබා දීම ආණ්ඩුවේ වැඩක්.

රටේ සංවාදයට භාජනය වුණේ ඇමතිවරුන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් සවාරි යෑම පිලිබඳයි. තවත් සමහර ඇමතිවරු අමාත්‍යංශ මුදල් ගෙවා ගිහින් තිබෙනවා. ඇත්තටම ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන වෙන් කර නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන තිබෙන්නේ ජනාධිපති, අගමැති, කතානායක සහ අගවිනිසුරු යන අයට පමණයි. මේ අය විපක්ෂයේ ඉන්න කාලයේ නම් ජනාධිපති හෙලිකොප්ටරෙන් යන එකත් විවේචනය කලා. නමුත් දැන් ආණ්ඩුවේ මුදලින් මේ අය උඩින් ගිහින්. මේකද සරල ජනාධිපතිගේ යහපාලන ආණ්ඩුව කියල අපිට අහන්නට වෙනවා.

අගමැතිතුමා මම ප්‍රශ්නය ඇසීමට අදාල කරගත් මාස 16ට ලක්ෂ 181ක් වැය කරලා ගමන් 35ක් ගිහින්. රිෂාඩ් බදුර්දීන්, රවි කරුණානායක, ෆයිසර් මුස්තාෆා, එම් එල් එම් හිස්බුල්ලා, සාගර රත්නායක සහ වජිර අබේවර්ධන ඇමතිවරු මුදල් ගෙවා ගුවනින් ගිහින් තිබෙනවා. මේ සඳහා අමාත්‍යාංශ වලට මුදල් කොහෙන්ද කියන ප්‍රශ්නය අපි මතු කරනවා. පාර්ලිමේන්තුවේ අනුමතකල අය වැයේනම් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා කිසිදු ප්‍රතිපාදනයක් ඇමතිවරුන්ට වෙන් කර නැහැ. එහෙමනම් මෙහෙම නාස්ති කිරීමට මහජන මුදල් කොහෙන්ද යන ප්‍රශ්නයට අද ආණ්ඩුව උත්තර දෙන්න ඕන.

ඒ වගේම ගුවන් හමුදාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීම පිලිබඳ ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනෑ. සමහර අමාත්‍යාංශ ලේකම්වරුන්ට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. තවන් සමහර අයට ඒ අවස්ථාව නෑ. වරාය අධිකාරියට රූපවාහිනි සංස්ථාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. මන්නාරමේ සුප්‍රකට බිෂොප්තුමා වන රායප්පු ජෝසෆ් බිෂොප්තුමාට නොමිලේ ගුවන් සවාරි. නමුත් එවැනි විවාධාත්මක චරිතයක් නොවන යාපනේ බිෂෝප්තුමාට ඒ අවස්ථාව ලබා දීලා නෑ.

මහ බැංකු අධිපති යාල වනයට නිවාඩු ගත කරන්න යන්නෙත් හෙලිකොප්ටරයෙන් කියා මාධ්‍ය පල කරලා තිබුණා. මේ වාර්තාව අනුව පලමු මාස 16 තුල මහ බැංකුව ගුවන් සවාරි සඳහා ලක්ෂ 51ක් වැය කරලා තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජන මුදල්. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාවෙන් ඉපයූ ලාභයෙන් සිය පුතුට හෙළි කොප්ටරයක් අරන් දුන් බවට රාවයක් පැතිරී යනවා. ඒකත් මහජන මුදල්. මෙතනත් මහජන මුදල් සෘජුවම සිය සුඛ විරණය සදහා පාවිච්චි කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ගුවන් ගමන් පිලිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනෑ. එය රටට හෙළි කරන්න ඕනෑ. ඒ වගේ ම ආණ්ඩුවේ ලොකු ලොක්කන් මහජන මුදලින් අහසේ සැප ගැනීම නවත්තලා පොරොන්දු වූ සරල කම ක්‍රියාවෙන් පෙන්නන්නකියලා අපි ආණ්ඩුවට කියා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

යාපනේ මහාධිකරණ විනිසුරුට වෙඩි තිබ්බේ හිටපු කොටි සාමාජිකයෙක් !

colombotoday

බුද්ධාගමෙන්, කතෝලික ආගමෙන්, නීතියෙන් එපා කියන “සමලිංගික“ විෂය පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ !

colombotoday

විදේසගතව සිට එන ලාංකිකයන්ට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෑ

colombotoday

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday