Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

සෞඛ්‍ය සහතික නොලැබීමෙන් කොළඹ වරායට රැගෙන ආ ඉන්දියානු බිත්තර තොගය නිදහස් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

උත්සව සමයේ බේකරි හා මහා පරිමාණ හෝටල් සඳහා රුපියල් 35 බැගින් අලෙවි කිරීමට බිත්තර මිලියනක තොගයක් මෙරටට ගෙන එනු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.

එහි සාම්පල පසුගිය ඉරිදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගත්ත ද මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පසදහන් කර තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ අලුත් අවුරුද්දට පෙර එම බිත්තර තොගය බේකරි හා හෝටල් හිමියන්ට බෙදාදීමට නොහැකි වී ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සදහන් කරන්නේ අදාළ වාර්තා නිකුත් කළ හැක්කේ හෙට දිනයේ බවයි.

බිත්තර මිල පාලනය කිරීමේ එක් අදියරක් යටතේ ඉන්දියාවෙන් මීට පෙර බිත්තර මිලියන 2ක් ආනයනය කළ අතර එම බිත්තර සෞඛ්‍ය අංශ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මේ වනවිට අලෙවි කර ඇත.

Related posts

සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයි

Admin

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

colombotoday

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

විජේදාස රාජපක්ෂට ඇගිල්ලේ තරම දැනගන්න පුලුවන් වෙයි. | රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday