Colombo Today Local News

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

කටුනායක, මැදවෙල ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් අයෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අපරාධ කටයුත්තකට භාවිත කිරීමට යොදා ගත් ගිනි අවියක් සොයා ගැනීමට ගිය අවස්ථවේදී මිය ගිය සැකකරු පොලීසීයට අත්බොම්බයක් ප්‍රහාරයක් එල්ල කර තිබූ බවයි.

ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබේ.

කෙසේ වෙතත් එය පුපුරා නොගිය බව ද පොසිය ප්‍රකාශ කරයි.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක හීනටියන ප්‍රදේශයේ පදිංචි දිනේෂ් බුද්ධික නමැති පුද්ගලයෙකි.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලිසිය පවසයි.

Related posts

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

වැලිකඩ බදු දෙයි

colombotoday

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday