Colombo Today Local News

මත්පැන් සාදයේදී නාවික භටයෙක් තවත් නාවික භටයෙක්ව මරලා

ත්‍රිකුණාමලය තිස්ස නවික හමුදා කඳවුරේ තැබෑරුම් තුල මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලකින් නාවික භටයකු තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ කන්ඳේගෙදර පදිංචි කේ එම් ධම්මික ස්වර්ණ බණ්ඩාර නමැති 36 හැවිරිදි නාවික භටයා බව පොලිසිය පවසයි.

සැකකාර නාවික භටයා ද එම කඳවුරේම රාජකාරි කරන මාතලේ ඉඹුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

නාවික හමුදා කඳවුරු භූමියේ ඇති තැබෑරුමේ ඊයේ (8)දින නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, සාදය අතරතුර ඉන් දෙදෙනෙකු ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

Admin

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

රාජපක්ෂලා වෙනුවෙන් පෙනී නොසිටීමට ඕනෑ තරම් හේතු තිබෙනවා – විමල්

colombotoday

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

Admin

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday