Colombo Today Local News

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව සාක්ෂි දෙන්න ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි නිකුත් කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

කුරුඳුවත්ත පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂිකාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන පෙබරවාරි මස 26 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙසේ සිතාසි නිකුත් කර ඇත.

මෙම නඩුව අද (06)දින කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුව තිබේ.

මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර තිබේ.

2016 වසරේ එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කොට මාර්ග තදබදයක් ඇති කොට උද්ඝෝෂණයක නිරතවීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin