Colombo Today Local News

ජනාධිපතිවරුන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නතර කළ යුතුයි – දයාසිරි ජයසේකර කියයි

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය වැරදි පූර්වාදර්ශයක් බව කී ජයසේකර මහතා රටේ තිබෙන ඉහලම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයක් ඇති වැඩක් නොවේ යැයිද කීය.

ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ස්තුතිවන්ත වන බව කී ජයසේකර මහතා ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන කටයුතු කළ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාත් ඊළඟ වසරේ මහ මැතිවරණයට ඉල්ලා පාර්ලිමේන්තුවට ඒවි ද නොදන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (සජීවී විකාශය)

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday