Colombo Today Local News

අයවැයෙන් ආදිවාසීන් ගැන සිතා නැහැ – වන්නිලැත්තෝ කියයි

මෙවර අයවැයෙන් ආදිවාසී ජනතාව ගැන කිසිදු අවධානයක් යොමු නොකිරීම ගැන කණගාටු වන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.

මහියංගනය දඹානේ තම නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් වන්නිලැත්තෝ මේ බව පැවසීය.

පසුගිය රජය මගින් ආදිවාසී ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු අයවැයෙන් ප්‍රතිපාදනයක් ලබාදුන් නමුත් පසුගිය වසර කීපය තුළ එම ප්‍රතිපාදනවලට සිදුවූයේ කුමක්ද කියා නොදන්නා බව ඔහු සඳහන් කළේය.

අප රටේ දිස්ත්‍රික්ක 6ක ආදිවාසී ජනතාව ලක්ෂ 05ක් පමණ ජිවත් වෙයි.

එම ගම්මානවල ඇති ප්‍රශ්න විසඳා ගැනීමට සහ ආදිවාසීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන්වලට වැය කිරීමට කිසියම් ප්‍රතිපාදනයක් ලබාදෙන ලෙසයි වන්නිලැත්තෝ වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“ටී.බී. ඒකනායක FCIDයට කැඳවීම සිල්ලර වැඩක්” – ඇමති අමරවීර

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday