Colombo Today Local News

මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක – වගකිවයුතු නිලධාරීන් නිහඬ‍යි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ ලේකම්වරයා බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නුවරඑළිය ගිනිගත්තේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇත.

අදාල යන්ත්‍ර සූත්‍ර හා වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති බැවින් එම දේපල සදහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත ව්‍යාපෘතියෙන් බැහැර කල නොහැක.

එහෙත් 2023/09/20 දිනයේ එම ස්ථානයට පැමිණි රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම්වරයෙක් ලෙස හදුන්වන අයෙක් හා තවත් පිරිසක් විසින් අදාල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයට දැනගන්නට ලැබී ඇත.

එහිදී ඔවුන් විසින් එම අවස්ථාවේම මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. (MOIB/335/58).

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විටත් එම පුද්ගලයින් විසින් අදාල ව්‍යාපෘතියට අයත් දේපල කිසිදු බාධාවකින් තොරන ඉවත් කරමින් සිටින බවයි.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ මෙම ලේකම්වරයා මීට පෙරද රැකියා ලබාදෙන පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති පුද්ගලයෙකු බව ද එම සංවිධානය පවසයි.

රට බංකොලොත් වීම පිළිබදව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් වන අතර ඒ පිළිබදව වගකිවයුතු අංශ නිහඬව සිටීමද කණගාටුවට කරුණක් බවත් රට බංකොලොත්වීම පිළිබදව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීමත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්ම වන බවද මෙම සිදුවීමෙන් මනාව තහවුරු වන බව ඔවුන් සඳහන් කරයි.

රට ගොඩනැගීම සදහා IMF ණය ලබා ගනිද්දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු රාජ්‍ය දේපල විකුණාගෙන කෑම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අයෝජන මණ්ඩලයෙන් හා රජයෙන් ඉල්ලා සිටි.

Related posts

හිටපු ජනපතිගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිණියට සුබ පැතුම්.. දේශපාලන පාඩමකුත් ලියා යවයි!

colombotoday

ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් අරඹන්නට ජනපතිගෙන් උපදෙස්

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

අරක්කු මිල ඉහළට?

colombotoday

උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවට

Admin

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday