Colombo Today Local News

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කර තිබෙන බවද දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමය (SAARC) සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA) වැනි කලාපීය වෙළෙඳ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියා වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී ඇතැයි ද එම නිවෙිදනයේ දැක්වේ.

Related posts

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday