World

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් ගොඩබිම් ආක්‍රමණය සිදුකරන්නේ, කුමන අවස්ථාවකදී ද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කිසිදු ඉඟියක් දී නොමැත.

මේ අතර ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව සහ රුසියාව ඉදිරිපත් කළ යෝජනා යළිත් වරක් පරාජයට පත්ව තිබේ.

ඊශ්‍රායලයට තම රට ආරක්ෂා කරගැනීමේ අයිතියක් ඇතැයි, අමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සිව්වැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව තුළින් පෙන්වා දී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 10 ක් ලැබී තිබුණත්, ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයින්ගේ ඊට ඡන්දය ලැබී නොතිබුණි.

ගාසා තීරයට පූර්ණ සටන් විරාමයක් ඉල්ලා රුසියාව ඉදිරිපත් කළ යෝජනාව ද දෙවැනි වරටත් පරාජයට පත්විය.

හමාස් සටන්කාමීන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර, අදාළ යෝජනා දෙකෙන් ම හෙළා දැක තිබේ.

ගාසා තීරයේ උතුරු කලාපයෙන් ඉවත් වන්නැයි, සිවිල් වැසියන්ට කළ නියෝගය හකුලා ගැනීමට ඊශ්‍රායලයට බලපෑම් කිරීම ද අදාළ යෝජනා අතරට ඇතුළත් වේ.

Related posts

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin

වෛරසයක් හදන්න චීනයට සහය දුන් ඇමරිකානු මහාචාර්ය අත්අඩංගුවට. පුවත බොරුවක්

colombotoday