Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තුන්වැනි තරගය අද (16)දින ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ටයි.

දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන්නේ චාමික කරුණාරත්නයි.

ඉන්දියාවේ, ලක්නව්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.

Related posts

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

නුවන් සොයිසාට වසර 6කට ක්‍රිකට් තහනම්

colombotoday

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

colombotoday