Colombo Today Local News

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

නේවාසිකාගාරවල රාත්‍රී 12ත් අළුයම 5ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

විශ්ව විද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බව පැවසූ රාඝවන් මහතා විශ්ව විද්‍යාල වල නවක වදය වැළැක්වීම සඳහා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කළේය.

නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වාදී ඇති අතර එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බව ඔහු පැවසීය.

මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන පවත්වන බව ඔහු කීය.

Related posts

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

නවරජයේ ආයුෂ කෙටිවේ… ආරක්ෂක ලේකම් ධුරයෙන් කරුණාසේන හෙට්ටිඅරච්චිත් ඉවතට ?

colombotoday

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday