Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් මෙලෙස පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වෙයි.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ෂණය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

අදාළ වාර්තාට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත්කර තිබේ.

ඒ අනුව මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඩුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර ඇත.

Related posts

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

colombotoday