Colombo Today Local News

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය.

එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 1 වන දා වන විට ගෙවීමට නියමිත බව ද ඒ මහතා පවසයි.

තුන්වන මාත්‍රාවක් සඳහා වු නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් සිදුකළ බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා, ඒ අනුව ඇණවුම් කර මාස 6කට පසුව එන්නත් ලබාදිය හැකි බව ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් ඉල්ලීමක් කරා පසුගිය මැයි මාසයේ දී ප්‍රතිශක්තිය අඩුවීමත් එක්ක අවධානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්න අවශ්‍ය එන්නත් ඇණවුම් කරන්න කියලා. ඒ නිර්දේශ අනුව තිබුණු දත්ත මත අපි ලියාපදිංචි කරලා තිබුණ ෆයිසර් ආයතනය සමඟ සාකච්ඡා කරලා ඒ අය එකඟ වුණා මිලියන 14ක එන්නත් අපිට ලබාදෙන්න. අපේ එන්නත්කරණය කළ යුතු ජනග්‍රහණයෙන් සියයට 60ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. ද්විත්ව එන්නත ලබාදීමෙන් පසුව එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙනවා කියලා පෙනුනොත් ඒ හැමකෙනෙකුටම අඩුපාඩුවකින් තොරව‍, කිසිම කෙනෙක් එන්නත් හිඟවෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. ඇති ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලංකාවට ලබාගැනීමට කටයුතු සුදානම් කරලා ඉවරයි”

Related posts

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනපති තැබූ සටහන

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday