Colombo Today Local News

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, ගාල්ල, බදුල්ල, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බවයි.

අන්තර් මෝසම් වැසි හේතුවෙන් මහනුවර ප්‍රදේශයෙන්ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර ඩෙංගු මර්දන වැඩසටහන් එම ප්‍රදේශයේ පැවැත්වුවද රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,000 සීමාව ඉක්මවා ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

Related posts

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday

දැඩි පොලිස් ආරක්ෂාව මැද ඇමති විජේදාස වැඩ බාර ගනී…

colombotoday

ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

colombotoday