Colombo Today Local News

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට විභාග දෙපාර්තමේන්තුවේ නිලධරයන් 12 දෙනකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් 22 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඔවුනට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරිම ඊයේ (20) උදෑසන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකරනු ලැබීය.

Related posts

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

colombotoday

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday