Colombo Today Local News

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

අලි ඝාතන කරන අයට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අලි සම්පත මෙන්ම සෙසු සත්ව සම්පත නිසියාකාරව කළමනාකරණය කරගත්තොත් රටට සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට හැකියාව තිබෙන අතර යාල ආදී වනෝද්‍යාන ලෝකයේ හොඳම වන උයන් බවට පත් කරන්නට හැකියාව පවතින බව කීය.

ලංකාවේ ගම් වදින වල් අලි සිටින්නේ පන්සියයක් පමණක් ද ජලය සහ ආහාර සොයාගෙන මේ අලි ගම් වදින බවද ෆෝන්සේකා මහතා පැවසීය.

අලින්ට ආහාර හා ජලය ලබාදීමට තෘණ භූමි හා ජල තටාක අදාල ප්‍රදේශවල නිර්මාණය කළ හැකි නම් වල් අලි ගම් වදින ප්‍රශ්නයෙන් සියයට අනූවක් පමණ විසඳා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

අදාළ පියවර ගත්තොත් අලින්ගෙන් කෘෂිකාර්මාන්තයට වන හානිය අඩුවී ඉතිරියක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර අලි වැට වලට යන විශාල වියදමක් ඉතිරි කර ගත හැකිව තිබෙන්නේ යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Related posts

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

colombotoday

මරික්කාර්ගේ කනෙන් අල්ලා සිරසෙන් දොට්ට දමයි – ජනපති පවුලේ ඉල්ලීම කිලී මහරාජා ඉටුකරයි

colombotoday

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday

බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්න නුවරඑළිය නගරාධිපතිට වැඩ වැරදියි?

colombotoday

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday