Colombo Today Local News

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

ඉන්දු – ලංකා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් “එට්කා“ ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනී නිර්මලා සීතාරාමන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර එය අත්සන් කරන බවත්, කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍ය ඇමතු ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාව සමග අත්සන් කෙරෙන එට්කා ගිවිසුම අගය කරන බවත්, කාලසීමාවන්හි බාධාවක්, පීඩාවක් නැතිව හැම කරුණක් ගැනම දෙපාර්ශවයම එකඟතාවයකට ආ යුතු බව ඇය එහිදී පැවසුවාය.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

colombotoday

‘නමෝ නාරායන‘ වාලම්පුරි මුදලාලි අත්අඩංගුවට…

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

colombotoday

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday