Colombo Today Local News

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදා දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සාකච්ඡා සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානක්‍යන් රාසමාණිකම් මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය අමතමිනි.

“අපේ සාකච්ඡාවේදී ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් සම්බන්ධව, බලය බෙදීම පිළිබඳව, වගේම අතුරුදන් වූවන් පිළිබඳව, ඉඩම් ආරවුල් සම්බන්ධව, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ගැන සාකච්ඡා කළා.

ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්ථාවරය කොහොමද කියන එක සාකච්ඡා කළා.

උතුරේ සහ නැගෙනහිර උපරිම බලය බෙදීම පිළිබඳව අපි ඉල්ලීම් කරලා තියෙනවා.
ජනාධිපති අපිට කිව්වේ ඉදිරි කාලයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් කියලා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. යම් යම් ජාතිවාදී ප්‍රකාශ කියවුණු නිසා මේ ජාතිවාදය නැති කිරීමේ අවශ්‍යතාවක් වශයෙන් මේක භාවිත කළා මිසක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මින් ඉදිරියට භාවිත කරන්න කැමති නෑ කියන එකත් ප්‍රකාශ කළා. දේශපාලන සිරකරුවන්ට ඇප දෙන්න පුළුවන්ද කියලා සොයා බලලා ඒක කරන්නත් ජනාධිපතිතුමා කැමති වුණා “

Related posts

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin

සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

colombotoday