Colombo Today Local News

ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ

උතුරේ මහ විරු සැමරුම් පිළිබඳ ෆේස්බුක් සටහන් තබන අය නොව එම සැමරුම් සිදු කළ අය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇති පසුබිමක එය නොතකා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගැනීම බරපතල තත්ත්වයක් බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

“අපි දන්න රේණුක පෙරේරා නම් ජාතිවාදියෙක් නෙවෙයි. අසූඅට අසූ නවයේ ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදීව කටයුතු කරමින් සිටින විට ඊට විරුද්ධව සටන් කරපු කෙනෙක්. එක අතකින් අපි සතුටු වෙනවා පොදුජන පෙරමුණට මේ ආණ්ඩුව මෙච්චර බය වෙලා තියෙන එක

ගැන. මාලිමා ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැතිම පාර්ලිමේන්තුවේදී කිව්වා මහ විරු සැමරුම් කීයක් තිබුණද ඒවායෙන් කීයක එල්ටීටීයට සම්බන්ධ සලකුණු යොදාගත්තද කියන කාරණය. දැන් තියෙන්නේ ඒවා හොයන්න.

මාලිමාව බලය ගත්තේ බොරුව වපුරලා වෛරය ඇති කරලා. එනිසා අපි කියනවා කරුණා කරලා මේ වැඩ නතර කරලා එදා පොරොන්දු වෙච්ච විදිහට බදු බර අඩු කරලා ජනතාවට සහන දෙන්න කියලා. අපි හෙළා දකිනවා රේණුක පෙරේරාව අත්අඩංගුවට ගැනීම ගැන. ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ.”

බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊයේ (05) ඔහු මේ බව කීවේය.

Related posts

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

අප්‍රේල් 16-17 විදුලි කප්පාදු කාලසටහන මෙන්න

colombotoday

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday