Colombo Today Local News

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

bandaragamaරුපියල් කෝටියක පමණ මුදලක් සමග පසුගිය 04 වැනිදා කන්තලේදී අතුරුදහන් වූ බව කියන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයා යාපනය ප‍්‍රදේශයේ සැගවී සිටිතැයි පොලීසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.

කන්තලේ බැංකුවක පැවති රන් වෙන්දේසියකට සහභාගි වීමට ගිය මෙම ව්‍යාපාරිකයා එහිදී ඖෂධ අලෙවි සැලකට ගිය පසු අතුරුදහන් වී ඇති බවට පොලිසියට කරන ලද පැමණිල්ලක් අනුව පරීක්‍ෂණ සිදු කෙරින.

ඊයේ වන විට එම අතුරුදන් ව්‍යාපාරිකයාගේ බිරිද හා පියා බොහෝ සැහැල්ලූ හැසිරීමක් පෙන්වමින් සිටියේ අතුරැුදහන් අය ඉක්මනින්ම ගෙදර එන බව අංජනමකින් කියවුනු බව පවසමිනි.

කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා විසින් ගෙන ඇති කෝටියකට වැඩි ණයවලින් බේරීම සදහා මේ ආකාරයේ රගපෑමක් සිදු කර ඇති බවයි.

අතුරැුදහන් අය සමග අවසන් වරට සිටි දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙැනීමත් සමග ඔහු යාපනයට පැන ගොස් ඇති බවද හෙලිව ඇත.

තමන් යාපනයේ සිටිනා බවට ඔහු විසින් නිවසාට දන්වා ඇතැයිද පොලීසිය සොයාගෙන ඇත. අදාල පුද්ගලය අත්අඩංගුවට ගැනීම සදාහ පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

Related posts

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

colombotoday

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

colombotoday

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

Admin

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin

කෝටි 10ක ස්වර්ණාභරණ මංකොල්ල කෑ සිව්දෙනා අත්අඩංගුවේ

colombotoday