World

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් විසින් උතුරු කොරියා ඇමතිවරයෙකු වෙඩි තබා මරාදැමීමට නියෝග කර ඇති අතර තවත් ඉහළ පෙළේ නිලධාරින් දෙදෙනෙකුව පුනරධ්‍යයන කටයුතු සඳහා යොමු කිරීමටද නියෝගකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කොරියාවේ අධ්‍යාපන ඇමතිවරයකු ලෙස ක්‍රියාකරන කිම් – යුන්ග් – ජින් කොරියානු නායකයා සහභාගි වූ රැස්වීමකදී නිදිකිරා වැටීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පසුගිය ජුනි මස සිදුවූ මේ සිදුවීම වැරදි ඉරියවුවක් ලෙස දක්වන කොරියානු රජය අනතුරුව කිම් – යුන්ග් – ජින්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු ප්‍රතිවිප්ලව වාදියෙකු බව අනාවරණය වූ බවට චෝදනා කරමින් මෙසේ මරාදමා ඇත.

උතුරු කොරියාව තුළ මෙවැනි සිද්ධි මීට පෙරද වාර්තාවී ඇති අතර තවමත් 32 හැවිරිදි වියේ පසුවන කොරියානු නායකයා තමන්ට විරුද්ධවන පුද්ගලයින්ට මිලේච්ඡ දඩුවම් ලබා දෙන්නෙකු ලෙස ජාත්‍යන්තරය හඳුන්වයි. ඔහු මීට පෙර ඔහුගේ මාමා කෙනෙකු මරා දැමීමට නියේග කළේය.

Related posts

ඉන්දියාවේ මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ සිරුර භුමිදානයට ඉඩ නොදී ආදාහනය කරයි.

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

Admin

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin