Colombo Today Local News

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

bengamuwe nalaka himi 23

මහින්දගේ මුහුණ පෙන්නා පාර්ලිමේන්තුවට ආ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ටත් ගමට යාමට බැරි තත්ත්වයක් උද්ගතවිය හැකි බව ජාතික සංවිධාන එකමුතුවේ සමකැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඊයේ (07) අනතුරු ඇඟවීමක් කළේය.

උන්වහන්සේ එසේ සඳහන් කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය පළ කිරීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැළකිය යුතු බවට කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මේ දක්වා පැහැදිලි මතයක් ඉදිරිපත් කර නැති බව පවසන බෙංගමුවේ නාලක හිමියන් ඒ අනූව ඊට සම්මාදම් වීමෙන් වැළකී සිටින්නැයිද උන්වහන්සේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

පිරිසක් ජාතික ආණ්ඩුවකට එකඟවූවා සේ කටයුතු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සම්බන්ධයෙන් එක මතයක සිටිමින් ඊට සහය නොදී කටයුතු කරන්නැයි උන්වහන්සේ තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

Related posts

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

colombotoday

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

colombotoday

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday