Covid 19

ජාතික රෝහලේ කොවිඩ් ​රෝගීන් 200ක් | සියයට 50ක්ම ඔක්සිජන් මත යැපෙයි

කොළඹ ජාතික රෝහලෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් රෝගීන් 200ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 50කට ඔක්සිජන් මත යැපීමට සිදුව ඇතැයි ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කරයි.

මීට සති දෙකකට පෙර කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් ආසාදිත රෝගීන් 100 කු ප්‍රතිකාර ලැබූවද ඊයේ දිනයේ වන විට එම ප්‍රමාණය 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පෙන්වා දේ.

ජාතික රෝහල තුළ කොවිඩ් ආසාදිත රෝගින්ට වැලඳී ඇති ප්‍රභේදය කුමක්ද යන්න නිවැරදිව නොදන්නා නමුත් ලොව පුරා දත්ත වාර්තාවන්ට අනුව ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාම, සංකූලතාවන් වැඩිවීම හා මරණ සංඛ්‍යාව වැඩි කිරීමට සමත් වන බව විශේෂඥවරයා සඳහන් කරයි.

මුව ආවරණය එළිමහනේ භාවිත කරනවාට වඩා වායුසමීකරණය කරන ලද කාමර තුළ හෝ කුඩා කාමර තුළ භාවිත කිරීම ඉතාමත් වැදගත් බවත් යම් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය වැඩි වශයෙන් අසාදනය වන්නේ එළිමහනේදී නොව තම සමීපතයන් සමග එකට කන බොන අවස්ථාවලදී යැයි විශේෂඥවරයා අනාවරණය කරයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday

මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ

colombotoday

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday