Colombo Today Local News

ඉංජිනේරු සංස්ථා GMගේ පොකැට්ටුවට විද්ද ඇමති සජිත්ගේ සංවිධායක අත්අඩංගුවට

injineuරාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිදුව ඇති හොරකම් කිහිපයක් සම්බන්ධයෙන් එහි සේවකයෙකු රහස් පොලිසිය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්ය සහායකයාව කටයුතු කල මංජුල නිශාන්ත කුමාර නැමැත්තෙකි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සෘජුවම මොහු මෙම තනතුරට පත්කර ඇති බවත් ඇමතිවරයාගේ කිරම-කටුවන සංවිධායකවරයෙකු ලෙස කටයුතකු කරන බවත් වාර්තා වෙයි.

මොහු සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රෙඩිට් කාඞ්පතින් විශාල මුදලක් සොරාගෙන ඇති බවට රහස් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ඊයේ දිනයේ ඔහු ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව සංස්ථාවේ සිදුව ඇති තවත් වංචා කිහිපයක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සංස්ථාවට පැමිණි අවස්ථාවේ සැකකරු විසින් ඇමති සජිත් පේ‍්‍රමදාසට දුරකතනයෙන් ඇමතීමට උත්සාහ කරමින් පොලිස් රාජකාරියටද දැඩි ලෙස බාධා කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලීසියේ 2016-08-04 1010 යටතේ ලියවී ඇත.

Related posts

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාවෙන් විදේශීය සමාගම් අතට.. රණවිරුවන් මහපාරට – ඒ ගැන සේනාධිපති කියන කතාව

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday