Colombo Today Local News

2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය විවාදය දින 19 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ලබන 17 වැනි දා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම 21 වැනි දා පස්වරු 5.00 ට සිදුවනු ඇති.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ලබන 23 වැනි දා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය දෙසැම්බර් 10 වැනි දා අවසන් වීමට නියමිත අතර එදිනම පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Related posts

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday