Colombo Today Local News

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

champika

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා මෙසේ අදහස් දැක්වීය.

පච කෙළි පාඨලි

මට ජාතික හෙළ උරුමයට අභියෝගයක් කරන්න තියෙනවා. මට මතකයි උදය ගම්මන්පිල මහතා සිරගත කරලා තියෙන අවස්ථාවේ ඒ ගොල්ලන් කිව්වා පිවිතුරු හෙළ උරුමය කියලා පක්ෂයක් තියෙනවා නම් කියලා. අපිට ඒ ගැන කතා කරන්නම හිතෙනවා මොකද ජාතිකත්වය කියන්නේ හිගන්නාගේ තුවාලය නෙවෙයි. අපි පැහැදිලිවම කියනවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ අපි ගරු කරපු යුධ විරුවෙක්. එතුමට වැඩක් බාරදුන්නට පස්සේ ඒක හරියට කරා කියලා අපි විශ්වාස කරනවා. මේ මොහොතෙත් එතුමා ඒක හරියට කරා. මොකද එතුමා පන්දමක් අල්ලගෙන ආවට කාටද පන්දම අල්ලන්නේ කියලා ටිකෙන් ටික දැන ගත්තා. ස්වාමියා ඉජු ඉජු කිව්වම බුරන්න ඉන්න මුර බල්ලෙක් වගේ බුරන්න ඉන්න කෙනෙක්ට පක්ෂ නායකයෙක් වෙන්න බැරි බව එතුමා තීරණය කරා. ඒකයි එතුමා වැඩ තේරුම් ගන්නවා කියන්නේ. ඊට පස්සේ එතුමා ආවේ මොකටද කියලා අමතක කරලා දාලා පන්දම නිවලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. එක පැත්තකින් මම දකිනවා එතුමගේ මානුෂික ගුණයක්. මොකද බුර බුර ඉජු ඉජු කිව්වම පැන පැන තමන්ට බැහැ පක්ෂයක නායකයෙක් වෙන්න කියලා එතුමා පිළිගත්තා.

පා ච රණවක ඇතුළු කටු කන නඩේට අපිට කියන්න තියෙන්නෙත් ඒ මග ගන්න මොකද ජාතිකත්වය ඔබෙන් මිදිලා ගොඩක් කල්. මහා සංඝරත්නය එහෙම නැත්නම් පුජකවරු මේ රටේ මොලයක් තියෙන සියළුමදෙනා පැහැදිලිවම දන්නවා ඔබ ජාතික මතය පාවිච්චි කරන්නේ මාධ්‍ය ප්‍රකාශ එළියට දාන්න පමණයි. ඔබ එක්සත් ජාතික පක්ෂය හරහා එහෙම නැත්නම් රනිල් චන්ද්‍රකා සම්බන්දන් එක්ක එකතුවෙලා මේ ජාතිකත්වය තව දුරටත් විකුණන්නට එපා. ඒක අයින්කරලා දාලා පක්ෂය අකුලලා එක්සත් ජාතික පක්ෂයට එකතුවෙන්න කියලා. එතුමාගේ සද්ද බද්ධ සෘජු ඇගිලි ඉස්සර අපි හිතුවේ ජාතිකත්වය වෙනුවෙන් පාවිච්චි කරනවා කියලා නමුත් මට හිතෙනවා එතුමට කියන්න

ගෙරවිලි රැවටිලි
ගෙන කුලි අද අලි
කොළ එළි දැක වෙලි
පච කෙළි පාඨලි

අලුත් පරපුර ඇයි ද මේ ඝෝෂා

මලුත් පරපුරට වෙච්ච දේ අපොයි දෙයියනේ අපි දකිනවා මලුත් පරපුරට කොහෙමත් හිටියේ පොළවේ නෙවෙයි අහසේ. ඔවුන්ගේ සංකල්ප තිබුනේ ජාතිකත්වය කියන්නේ විහිළුවක්. මොකක්දෝ අලුත් ලිබරල් සංස්කෘතියක් ගැන කතා කරපු මලුත් පරපුරට අපුරු දඩුවමක් ලැබුණා. හැබැයි අපි හිතන්නේ නැහැ එක දඩුවමක් කියලා. ගම්මන්පිල මැතිතුමන් බස්නාහිර පලාත් සංස්කෘතික ඇමතිතුමන් විදිහට ඉන්නකොට අවුරුද්දක් ඇතුලත බස්නාහිර පාලාත් සෞන්දර්ය නිකේතනයේ තිබුණු ලොකුම අඩුපාඩුව තමයි විශාල ශාලාවක් තිබුණා කලාකරුවන්ට ඒක ලබා ගන්න බැරි බව එතුමා තේරුම් ගත්තා. එවකට හිටිය සභාපති හැටියට එතුමා මට අවවාද දුන්නා වහාම මේක කලාකරුවන්ට අයිතිකර දෙන්න. විශාල මුදලක් වියදමි කරලා ටෙන්ඩර් පටිපාටි හරියටම ක්‍රියාත්මක කරලා. අවුරුදු 18ක් පස්සට යන්න ඔනේ නෑ එවා අස්සේ අපේ වැරදි තියෙනවානම් හොයා ගන්න පුළුවන්. හැබැයි අපි ඒවා හදලා දුන්නේ කලාකරුවන්ට තමයි. මෙන්න දැන් එකේ සම්මාන ගන්න බැරිලු මලුත් පරපුරට ලැජ්ජයිවගේලු. අපි අහන්නේ පොලි රහිත කාර් හිටපු ජනපතිතුමා දෙනකොට මේ මලුත් පරපුරට ඒවට ආසා. හයිවේ එකේ යනකොට ආසා. නෙළුම් පොකුණට ආසා හැබැයි එවට දැම්මා නේද ඝෝෂා. ඒ නිසා ඕකේ ගන්න මම හිතනවා එක වඩාත් සුදුසුයි ඔබට හරිතැනින් දිලා තියෙනවා. පුසාට කුණු මාළු කෑල්ලෙන් ගැහුවාම රිදෙනවා තමයි හැබැයි ඒක කන්න වෙනවා. ඒක නිසා ඔබව තියලා තියෙන තැන ගැන සතුටු වෙන්න. අපි කලාකරුවන්ව තිබ්බේ ඔතන නෙවෙයි කියන එකත් මතක් කරන්න කැමතියි.

අරවින්ද අතුකෝරල

Related posts

ලංකාවට යැව්වොත් අත්අඩංගුවට ගනිවී, රඳවා තබා ගනිවී, වධ හිංසාවලට මුහුණ දීමට සිදු වේවි. – නවසීලන්ත ප්‍රහාරකයා අධිකරණයට කියලා.

colombotoday

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

කතානායක අත්සන තබයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත බලාත්මකයි

colombotoday

රාමදාන් හේතුවෙන් දුන් සල්ලි ගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීම. මාලිගාවත්තේ තෙරපීමට හේතු හෙළි වේ.

colombotoday

PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර අවසන්

colombotoday