Colombo Today Local News

කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේශක කුමාරස්වාමි, මහබැංකු අධිපති කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්

nu36

අගමැතිවරයාගේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අද පත්කරනු ලැබූ අතර එම පත්කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල අචාර්වරුන්ගේ සංගමය දැඩි අප්‍රසාදය පලකරයි.

මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.

මෙය රටේත් ජාතියේත් ස්වෛරීභාවය පාවා දීමක් බවත් එවැන්නකු මෙවැනි තනතුරක් දැරීමට කිසිදු සුදුසු කමක් නැති බවත් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

රාජ් රාජරත්නම් ඇමරිකාවේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවකට චූදිතව මේවන විට සිරගතව සිටින අතර වත්මන් මුදල් ඇමති රවී කරුණානායක ඔහුගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සගයාද විය.

රාජ් රාජරත්නම් සහ නව මහ බැංකු අධිපති ගැන විස්තර

යොමු 01 02 0304

13521924_1151628268234857_8164143792700127433_n

Related posts

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

තමන්ගෙ ආසනේ දිනන්න බැරි, පිංඇමති එස්.බී දිසානායකට බෑ එජාපය දියකරන්න – දිලිප් වෙදආරච්චි

colombotoday