Colombo Today Local News

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

paribhogika223

පරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මේ වන විට සිය ධුරයට අයත් නිල රාජකාරි පසෙකලා පාරිභෝගික සමිති දඩයම් කිරීම අරභා ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී.

මේ වන විට ලියාපදිංචි කර ඇති සමිති අවලංගුකර නැවත සමිති ලියාපදිංචි කිරීමට සලස්වා තමන්ට හිතවත් සමිත පමණක් ලියාපදිංචි කිරීමට සූදානමක් බවතින බවද වාර්තා වන අතර විශේෂයෙන් තමන්ව දැඩිව විවේචනය කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය විනාශ කිරීම සදහා තම හිතවත් නිලධාරියෙකුට පවරා ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ කිරීමට හේතුව වන්නේ සභපතිවරයා වෙනත් ආයතනයක රාජකාරි කිරීමේදී සිදුකරන ලද වංචාවක් පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට සූදානමක් තිබීමය.

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත සගයෙකු වන අතර පසුගිය රජයේද තනතුරු කිහිපයක් දැරූ පුද්ගලයෙකි. ඔහුට අදාල තනතුර සදහා සැපිරිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැති බව පැවසෙන අතර දූෂණ වංචා චෝදනා කිහිපයක්ද එල්ලවී තිබේ.

Related posts

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම් ට

colombotoday

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකලොත් රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

colombotoday

ඉන්දියානු බලපෑමට ආණ්ඩුව හිස නමයි.. පාකිස්ථාන් ජෙට් යානා ගැනීම නවතී !

colombotoday

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

colombotoday